Saturday, July 3, 2010

ආදර පවන..

අසෙනිය කුසුම ඔබ,
හඳ විල මත ජනිත වුණ,
හිරු විකසිත වන පෙරඹර,
සිතුවම් විය රුවින් ඔබේ...

අඹර පුරා ඔබෙ රුව බොඳ වී,
හද විල් තලයම සුවඳ දිදී,
ම හඳෙහි හැඟුමන් හිරකරමින්,
ඒ රුව ඒ මල වියැකී ගිහින්...

සුන් කොට මා හදවත පැතුමන්,
දිය කර හැරියෙමි කඳුල ලෙසින්,
තනිකර මා ඒ අතීතයහිම,
ආදර පවන හමා ගොසින්..



2 comments:

  1. ආදරය අපි ඉල්ලලා ගත්තාට....වේදනාව ලැබෙන්නේ නොමිලේ....මොනවා කරන්නද.....

    ReplyDelete
  2. හ්ම්.. සහතික ඇත්ත යාළුවා..

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...