Wednesday, January 27, 2010

ආවර්ජනා..

(මේක මම කාලෙකට ඉස්සර ලියපු එකක් හැබැයි post කලේ නෑ.. මේ ඒ මතකය යළි ආවර්ජනය කිරීමක්)


ජීවිතය තණ අඟ පිපුණු පිණි බිංදුවක් වගේ..
රෑට ඉපදිලා උදේට නැති වෙලා යනව..
හරියට හීනයක් වගේ...
රෑට මැවෙන හීන උදේට බොඳ වෙනව..
යතාර්ථය හමුවේ හීන කියන්නෙ හිතළුවක්..
ආදරය අන්න එහෙම එකම එක හීනයක්..
වෙලාවකට එය අතිශය මිහිරියි..
ඒත් යතාර්ථය ඉස්සරහ ඒ සතුට දිය වෙලා යනව..
කකුළුව දිය නටන තුරු සතුටින් ඉන්නව වගේ..
ගැටළු මතුවෙනකං මමත් සතුටින් ඉන්නව..
දානයෙන් අපි නැවත අපේක්ෂා කරන දෙයක් නෑ නෙ..
එතකොට ආදරෙත් දානයක් කියල හිත හදාගන්නව..
එතකං ගතානුගතික කොල්ලෙක් වගේ ආදරේ කරනව..
දිවි ගකනෙ හැරුම් ලක්ෂයකට ආදරේ මට උපකාරී උනා..
ඒ නිසා ආදරේට මම ආදරේ කරනව.....

0 comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...