Sunday, November 1, 2009

බස් එක..

මම අඩියට දෙකට දුවල ආවා..
7 බස් එක අල්ලගන්න..
ගමේ වගේ ලස්සන ගුරු පාරක් නොවුණට..
පාර දෙපැත්තෙ මොර මල් නොපිපුණාට..
තාර දාලා පාර පුරා..
තාප්ප බැදල පාර දෙපැත්තෙ..
ලස්සනයි නොකියන්නත් බෑ..

මට බස් එක මිස් උනා..
ඒත් මං බස් එකට දිව්ව කියල හති නෑ...
හෝල්ට් එකට ගොඩ උනා..
ඊළඟ එකේවත් යන්න එපැයි..
දැං ඉතිං බලන් ඉන්න එපැයි..
කීයට හරි ඊළඟ එක එනකං..

වටේ ඉන්න උන් මම දිහා බලනව..
නෑ මට වැරදිලා..
උන් බලන්නෙ මගේ දිහා නෙමෙයි..
උන් ඔක්කොම වපරයි..
සමහර උන් කෑගහනව..
ඉතිං මට මොකෝ කෑගහපු දෙං..
මොකෝ හෝල්ට් එකේ ඉන්නෙ මම විතරක්යැ..
වෙන එකෙක්ට කෑගහනව වෙන්ටැති..

සමහරවිට මම වපර ඇති..
නැත්තං මට අද්භූත සද්ද ඇහෙනවැති..
නැත්තං හෝල්ට් එකේ කවුරුත් නැතුවැති..
මොකෝ ඉන්නව ද කියල මම අල්ලල බැලුවයැ..
මනසින් මවාගෙන වෙන්ටැති..

බලන් හිටියට මොකද..
තව කොච්චර වෙලා ඉන්නද..
කමක් නෑ බස් එක කීයට හරි එන්නැතෑ..
නාවොත් ආයෙ ගෙදර යන එකනෙ...

5 comments:

  1. :))))))))))

    @ Pavithra
    hehe 138 bus ekata mama ude 7 weddi aawe kawadda hikzzz adumagaane ude 10 wat unanam onna hari ... =)

    ReplyDelete
  2. මරු මචො! මරු අදහස්නෙ උබට තියෙන්නෙ!!!!!

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...