Saturday, October 31, 2009

විළම්බීත

ඔළුව කැරකෙනව
හරියට මාසයක් නිදාගත්තෙ නෑ වගේ..
ආලෝකෙ වේගෙන් යන්න හිතෙනව
කොහේද ඉතිං...
අයින්ස්ටයින් ඒකටත් උදැල්ල දැම්මනෙ..
මට ඕනෙ ටිකක් හිමින් කාලෙ යවන්න
ඒත් මම දන්න සාපේක්ෂතාවාදයක් නෑ..
නැත්තං ඉලක්කමක් මාරු කරල
ආලෝකෙ වේගෙ නියත නෑ කියන්න තිබ්බ..
හැමදෙයක්ම සාපේක්ෂයි ලු...
ඇත්තතමයි මට දැං ඔහොම හිතෙනව
නැත්තං මෙහෙම වෙයියැ..
ලෝකෙ තියෙන්නෙ ශක්තිය විතරලු..
ස්කන්ධෙත් ශක්තියක් ලු..
අප්පච්චියේ එතකොට මම ශක්ති ගුලියක්නෙ..
එතකොට එයා..එයත් එහෙමද..
එහෙනං කොහොමද ආදරේ කොරන්නෙ..
ඒකත් දැනගත්ත එක හොඳයි..
ශක්තිය වැඩි උනාම අස්ථායීලු නෙ..
ඉතිං මම තව ශක්තිය වැඩිකරන්
අස්ථායී වෙන්නෙ මොකටද....

2 comments:

  1. හෙ හේ මරු කොන්සෙප්ට් එක... :D

    ඇණ වෙලා පුරුදු නැතුව ඇතිනේ... ;)

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...