Thursday, March 1, 2012

ආදරය


දෙතැනක,  
නිදිවරන, 
එකම, 
හිතක්..

Sunday, December 4, 2011

කුරුසිය..


ඇණ ගැහුවට මම,
ඔබේ ආදර කුරුසියෙ,
මා මළ පසු සොහොන් ගැබින්,
උත්තානය වෙමි මට හිමි ආදරෙ සොයා...

Sunday, November 13, 2011

වියෝව


අස්ථාන ගතවෙච්ච,
හීනයත්...
පාට හේදිච්ච,
චිත්‍රයත්...
තනුව නැතිවෙච්ච,
ගීතයත්...
ඔබ නැතිවෙච්ච,
මයෙ හිත වගේ...

Thursday, September 22, 2011

බලාපොරොත්තුව...


මේ රාත්‍රිය තව දිගයි..
අවකාශ රික්තයේ...
ලුහුබඳින මිරිඟුවට..
ඔච්චම් පාන්න..
පෑරුණු ම හිතට..
එක කඳුලක් හලාගන්න..
නොමළ මිනිහෙකුගෙ..
මතක භෂ්මයට..
තව එක දවසක් ජීවත් වෙන්න... !

Saturday, August 13, 2011

Theory of a MadMan

Crawling through the shadows of despair,
faster than i thought,
sick of this tension, sick of this emotions,
feels like i am a hobo,
i was freaked out by the silhouette of you,
in the dark in my mind,
i yelled over you, i yelled over your shadow,
with a feeble, fragile voice,
I'd rather told you what it feels like,
you know but yet you not know,
chemistry is you, ecstasy is you,
desperate, but yet i separate,
from the brain and the heart,
me the madman singing all day along,
your name with you.......





Monday, August 1, 2011

අනාගතේ

මේ වර්තමානෙ..
අනාගතේදි අතීතයක්වෙලා..
අනාගතේ වර්තමානෙ වෙද්දි..
අපි,
ආයෙත් නොදැක්ක නොවින්ද..
තවත් අනාගතයක් හොයාවි..
ඒ වර්තමානයෙදි මේ වර්තමානය..
එක් මතකයක් විතරක් වෙද්දි..
ඒ මතකය විතරක් හිතේ පුරෝගෙන..
නොපෙනෙන අනාගතේ ගැන ආයෙත් හීන දකීවි..
ඒත්,
පේන වර්තමානෙ ඇස් පනාපිටම නොපෙනී යාවි..

Monday, June 6, 2011

ඉවැන්ජලිකයා

හැඟුමන් වැළලූ..
සිහින සොහොනේ..
සොඳුරු මතකයේ.. ඇවිදයන..
ඉවැන්ජලිකයා... ආදරයේ.. ඉවැන්ජලිකයා..

ඉම නොපෙනෙනා..
ඈත  සිතිජයේ..
ප්‍රේම රාජධානියේ.. පරාදීන..
ඉවැන්ජලිකයා.. ආදරයේ.. ඉවැන්ජලිකයා..

හිම නොවැටෙනා..
වසත් කළ අග්නි ගිනි දළු..
අතරින් තැවී තැවී එන..
ඉවැන්ජලිකයා.. ආදරයේ.. ඉවැන්ජලිකයා..

Sunday, March 20, 2011

සාමාධිය

නීල වරල දිගු ළැමතෙක් වනාලා..
නීල නයන නෙතඳුන් ගල්වාලා..
පුල් නිල් උපුල් මල් සවනේ ගසාලා..
කිම් හැරයන්නෙ සිත් කුමරි මා මන පිනාලා..

තුන් කල් තුමුල මල් රොන් නොවින්ද..
සිහිනෙන් පමණි නුඹ හා මා නොනින්ද..
අළුයම තිමිර සේ නුඹෙ රුව බොඳවීද..
පින් මඳ කමට දැන් මා තැවෙනු කුමටද..

සමොනළ මුදුන උල්පත දිය නොම හිඳෙන..
දොම්නස සොමිගෙ රැයෙහිම සෝදා හරින..
වීරිය කරමි පුල් නෙළුමක් සොයන්න..
මසිත් සාමාධියට නෙළුමක් මතු පුදන්න..

Sunday, March 13, 2011

මොනාලිසා

ලස්සන හදවතක් තිබ්බනං..
උඹෙ ඔය මූණ වාගෙම..
මට තිබ්බ..
උඹටවත් ආදරේ කරන්න..

Monday, January 31, 2011

මම

පද ගෙතුවට
ඉඳල හිටල
කවියෙක් නෙමෙයි..
පින්තාරු කලාට
ඔය රුව මහිතෙ
සිත්තරෙකුත් නෙමෙයි..
ආදරෙ කලාට
හැමදාමත්
ආදරවන්තයෙක් නෙමෙයි..

Sunday, January 23, 2011

ජීවිතේ

මම මැරිල..
කාලය කියන අළුගෝසුව..
මාව මැරුව..
හැබැයි ඒ කාලයම..
මට අළුත් ජීවිතේකුත් දුන්න..
මහ කාළකණ්නි මෙලෝ රහක් නැති..
ජීවිතයක්..
ආදරේ පිරුණු හිනාව පිරුණු..
ඒ ජීවිතේට හිළව් වෙන්න..

Friday, January 7, 2011

අභිනික්මණ

ආගන්තුක බවක් හැඟෙනව,
අද වෙනද වගේ නෙමෙයි,
ඒක මොන වගේ අනුරාගයක්ද,
මම දන්නෙ නෑ,
කොටින්ම,
ඒක මොනවගේ සිතුවිල්ලක්ද වත්,
මම දන්නෙ නෑ,
මළ ඉළව් සමාජ සංදර්භයෙන් මිදිල,
ඉළව් සම්භාව්‍ය සභ්‍යත්වයෙන් මිදිල,
මහගිරිදඹෙන් එහා හරි කමක් නෑ,
මිනිස් පුළුටක් වත් නැති,
වැලි කතරක හරි කමක් නෑ,
මේ ඔක්කොගෙන්ම මිදිල,
දෙය්යනේ කියල හිතට නිවනක්,
හොයාගෙන යන්න තියෙනවනං....

Wednesday, December 22, 2010

රාමායණය

රාමා සීතට ආදරේ කරාලු..
එහෙනං ඇයි එයාව සැකකළේ..?
රාවණා කැත මිනිහෙක්ලු..
විමානෙත් ඉස්සුවලු..
සීතත් ඉස්සුවලු..
හපොයි....
මිනිහගෙ ඔළුව හොඳ නැද්ද මංද..
නැත්තං අපේ ඔළුව අවුල් වෙලාද..?
හැමදාම වෙන්නෙ ඕක තමයි..
කොහෙවත් නැති වාල්මිකියෙක්..
අපේ උන්ට කෙළිනව..

Wednesday, December 1, 2010

රොඳ බැඳි ඉසව්ව....

තෙළෙස් වසරක..
දුෂ්කර ක්‍රියාවෙන්..
පැමිණීමි මුතු ජනිත..
ක්ෂේම භූමියට...
පිළිගතිමු උන්..
කෙම්බිමට සෙනෙහසින්..

විඳගතිමි මිහිර..
උනුන් හා එකට හිඳ..
ඒත් සබඳ දැන්..
එළබෙයි කාලය..
සමුදෙන්න අපේ..
රොඳ බඳින ඉසව්වට..

Wednesday, November 24, 2010

ජීවිතය

හරිම පාළුයි..
නින්ද යන්නෙවත් නෑ..
මහා මූසල ජීවිතයක්..
වෙලාවකට ඉඩෝරෙ..
ඒත් හෙණ ගැහිල්ලෙ නං..
අඩුවක් නෑ..
තව වෙලාවක..
උතුරන්න වැස්ස..
අනේ මංද කරුමෙ තමයි..
Related Posts Plugin for WordPress, Blogger...